Social Icons

Pages

Featured Posts

Tuesday, March 4, 2014

கருத்து வேறுபாடுகள் இருந்த போதிலும், இருவருக்கும் இடையே பிளவு இல்லை: ஹக்கீம்

Photo: "பேச வேண்டிய நேரத்தில் மெளனம் காப்பதுஉயிர் போனபின் மருத்துவரை அழைப்பது போல் .. நமது பாதுகாப்பு கருதி நாம் கையில் எடுக்கும் மௌனம் என்ற ஆயுதம் நம் கண் முன்னாலேயே சில நேரங்களில் நியாயத்தை கொன்று விடுகிறது"கருத்து வேறுபாடுகள் இருந்த போதிலும், இருவருக்கும் இடையே பிளவு இல்லை: ஹக்கீம்

hakeemஜனாதிபதி மகிந்த ராஜபக்சவுக்கும் எனக்கும் சில விடயங்களில் கருத்து வேறுபாடுகள் இருந்த போதிலும், இருவருக்கும் இடையே பிளவு இல்லை என முஸ்லிம் காங்கிரஸின் தலைவர் ரவூப் ஹக்கீம் தெரிவித்துள்ளார்.

பாணந்துறையில் இடம்பெற்ற நிகழ்வொன்றில் கலந்து பேசுகையிலே இவ்வாறு குறிப்பிட்டார். அவர் மேலும் தெரிவிக்கையில், அமைச்சரவையில் ஜனாதிபதியுடனான கருத்து வேறுபாடுகள் மற்றும் விவாதங்கள் இடம்பெறுவது ஒன்றும் புதிதல்ல.

நேற்று இடம்பெற்ற அமைச்சரவைக் கூட்டத்தில், ஒரு பிரச்சினை தொடர்பில் ஜனாதிபதியுடன் விவாதத்தில் ஈடுபட்டபோது, ஜனாதிபதி அவரது குரலை உயர்த்தி சத்தமாக பேசினார்.

எனினும், அமைச்சரவைக் கூட்டத்தில் அமைச்சர்கள் எந்தப் பிரச்சினையென்றாலும், வெளிப்படையாக கருத்துக்களை வெளியிட வேண்டுமென ஜனாதிபதி தெரிவித்திருந்தார். சில நேரங்களில் ஜனாதிபதி நிதானத்தை இழந்து பேசுகிறார், எனினும் அதைப்பற்றி நான் கவலைப்படவில்லை.

இவ்வாறான விடயங்கள் ஒரு ஜனநாயக நாட்டில் இருக்கின்றன. சில ஊடகங்கள் வரம்பை மீறி இவ்விடயங்களை பெரிதாக்கி விடுகின்றன. இவ்வாறான விடயங்களால் நான் கலங்கியது இல்லை. மேலும், இலங்கை சட்ட கல்லூரி விவகாரம் தொடர்பாக அவருக்கு எதிராக குற்றச்சாட்டுகள் செய்ய கூட முயற்சிகள் உள்ளதாக தெரிவித்தார்.

அமைச்சரவையின் அடுத்த கூட்டத்தொடரில் இலங்கை சட்ட கல்லூரி விவகாரம் தொடர்பாக அறிக்கை சமர்ப்பிக்கவுள்ளதாகவும் ஹக்கீம் தெரிவித்தார்.-T
"பேச வேண்டிய நேரத்தில் மெளனம் காப்பதுஉயிர் போனபின் மருத்துவரை அழைப்பது போல் .. நமது பாதுகாப்பு கருதி நாம் கையில் எடுக்கும் மௌனம் என்ற ஆயுதம் நம் கண் முன்னாலேயே சில நேரங்களில் நியாயத்தை கொன்று விடுகிறது"

Saturday, February 22, 2014

ශී‍්‍ර ලංකා මුදල් නෝට්ටු මුද්‍රණාලයෙන් මුදල් සොරා ගනී.



ශී‍්‍ර ලංකාවේ වලංගු මුදල් සහ විදේශවල වලංගු මුදල්ද මුද්‍රණය කරන බියගම පිහිටි මුද්‍රණාලයකින් රුපියල් පන්සියයේ මුදල් නෝට්ටු තොගයක් සොරකම් කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අද (21) අත්අඩංගුවට ගත්තා. ආරක්ෂිත කැමරා 125 ක් තිබියදී මුද්‍රණාලයේ සේවකයෙකු තනිවම මෙම සොරකම සිදුකර ඇති අතර, මෙය නියම මුදල් නෝට්ටු මුද්‍රණයේදී ශී‍්‍ර ලංකාවේදී සිදුකළ පළමු සොරකම ලෙසයි සැලකෙන්නේ.

මෙම මුද්‍රණාලයේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අනුස්මරණය සඳහා රුපියල් පන්සියේ නෝට්ටු මිලියන 05 ක් සහ සාමාන්‍ය පන්සීයේ නෝට්ටු මිලියන 45 ක් මුද්‍රණය කරන අවස්ථාවේදී අදාළ සොරකම සිදුව තිබෙනවා. එංගලන්තයෙන් ගෙන්වන විශේෂ කඩදාසී පත‍්‍රවල මෙවැනි මුදල් නෝට්ටු 45 ක් එකවර මුද්‍රණය කෙරෙනවා. මාස ගණනාවක සිට මෙම සොරකම සිදුව ඇත්තේ මුද්‍රණ කි‍්‍රයාවලියේ අවසාන අදියරේදීයි. එහිදී මුද්‍රණය නොවී ඇත්තේ මුදල් නෝට්ටුවේ අංකය පමණයි.

මෙවැනි පොදු රාජ්‍ය මණ්ඩල අනුස්මරණ පන්සීයේ නෝට්ටු මුද්‍රණ කඩදාසි 24 ක් සහ සාමාන්‍ය පන්සීයේ නෝට්ටු මුද්‍රණ කඩදාසි 39 ක් අවස්ථා දෙකකදී අතුරුදන් වී ඇති බව අදාළ මුද්‍රණ සමාගම අනාවරණ කර ගත්තා. එහෙත් දැන් හෙළි වී ඇත්තේ මාස ගණනාවක සිට හසු නොවී මෙම සොරකම විටින් විට සිදුකර ඇති බවයි. සැකකරු සිදුකර ඇත්තේ එම පත‍්‍ර ගෙන ගොස් විශේෂිත මුද්‍රා දෙකක් සකසා අදාළ මුදල් නෝට්ටුවල අංකය මුද්‍රණය කර බෙදාහැරීමයි. මෙම අංක මුද්‍රණය කරන සීල් දෙක නිපදවා ගෙන ඇත්තේ කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ ස්ථානයකින්. එක් මුද්‍රාවක් රතු පාට තීන්ත සහ අනෙක් මුද්‍රාව කළු පාට තීන්ත යොදා ප‍්‍රයෝජනයට ගෙන තිබෙනවා.

සිංහල රාවයේ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට.

ගව ඝාතනයට විරෝධය පළ කරමින් සිංහල රාවය සංවිධානය කොළඹ - කොටුව දුම්රිපළ ඉදිරිපිට ඊයේ (18) පස්වරුවේ ආරම්භ කළ මාරාන්තික උපවාසය මේ වන විටත් ක‍්‍රියාත්මකයි. පසුගිය 9 වැනිදා ගව ඝාතනයට විරෝධය පළ කරමින් දළදා මාළිගාව අභියසින් සිංහල රාවය සංවිධානය ආරම්භ කළ පා ගමන කොළඹ කොටුවට ළඟා වුණේ 16 වැනිදායි. එදින සිට ඔවුන් කොටුව දුම්රියපළ ඉදිරිපිට උපවාසයක් ක‍්‍රියාත්මක කළ අතර එම උපවාසයයි ඊයේ පස්වරුවේ මාරාන්තික උපවාසයක් බවට පත් කළේ. ඒ අනුව සිංහල රාවය සංවිධානයේ හිමිවරුන් තුන් නමක් එම මාරාන්තික උපවාසයට එක්ව සිටිනවා. උන්වහන්සේලා සඳහන් කරන්නේ ගව ඝාතනය වැළැක්වීම සඳහා පනතක් ගෙන එන බවට රජයෙන් ලිඛිත පොරොන්දුවක් ලබාදුනහොත් උපවාසය අත්හිටුවන බවයි. 
කෙසේ වෙතත් ඊයේ (18) උපවාසය ක‍්‍රියාත්මක වන අතරතුර උණුසුම් තත්ත්වයක් මතු වුණා. ඒ,  එම සංවිධානයේ ඉල්ලීම් පිළිබඳව සළකා බලන බවට ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු ලිපියක්  උපවාසයේ නිරත හිමිවරුන් ප‍්‍රතික්ෂේප කිරීමත් සමගයි. 

එම අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ නමක් උපවාසය පැවැත්වෙන ස්ථානයේ තිබූ පෙට‍්‍රල් කෑන් එකක් අතට ගැනීමට උත්සාහ කර ඇති අතර පොලීසිය එය වලක්වා එය තම භාරයට ගෙන තිබෙනවා. එහිදී සිංහල රාවය සංවිධානයේ හිමි නමක් පොලීසිය අත්අඩංගුවට ගත්තා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ සියදිවි හානි කරගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් ඉන් වළක්වා ගැනීම සඳහා උන්වහන්සේ මෙලෙස පොලිස් භාරයට ගත් බවයි. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම හිමි නම මේ මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.

Update : Wednesday, 19 February 2014 - 7:46
-------------------------------------------
දිවි නසාගැනීමට තැත් කළ සිංහල රාවයේ හිමි නමක් අත්අඩංගුවට.

ගව ඝාතනයට විරෝධය පළ කරමින් සිංහල රාවය සංවිධානය කොළඹ - කොටුව දුම්රිපළ ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසයේදී අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් මතුවුණා. ඒ, එම සංවිධානයේ ඉල්ලීම් පිළිබඳව සළකා බලන බවට ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු ලිපියක්  උපවාසයේ නිරත හිමිවරුන් ප‍්‍රතික්ෂේප කිරීමත් සමගයි. අනතුරුව සිංහල රාවය සංවිධානයේ ස්වාමීන් වහන්සේලා තුන් නමක් මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

පසුගිය 9 වැනිදා ගව ඝාතනයට විරෝධය පළ කරමින් දළදා මාළිගාව අභියසින් සිංහල රාවය සංවිධානය ආරම්භ කළ පා ගමන කොළඹ කොටුවට ළඟා වුණේ පෙරේදා දිනයේදියි. එදින සිට ඔවුන් කොටුව දුම්රියපළ ඉදිරිපිට උපවාසයක් ක‍්‍රියාත්මක කරනවා. ගව ඝාතනය වැළැක්වීම සඳහා පනතක් ගෙන එන බවට රජයෙන් ලිඛිත පොරොන්දුවක් ලබාදුනහොත් උපවාසය අත්හිටුවන බව සිංහල රාවය සංවිධානය අද (18) දහවල් හිරු ප‍්‍රවෘත්ති අංශයට ප‍්‍රකාශ කළා.

ඒ අනුව සිංහල රාවය සංවිධානයේ ඉල්ලීම් පිළිබඳව සළකා බලන බව පවසමින් ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුගේ අත්සනින් යුත් ලිපියක් අද පස්වරුවේ පොලීසිය විසින් රැගෙන විත් උපවාසයේ නිරත හිමිවරුන්ට භාරදී තිබෙනවා. එම අවස්ථාවේදී සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් එම ලිපිය ප‍්‍රතික්ෂේප කළා.

එම අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ නමක් උපවාසය පැවැත්වෙන ස්ථානයේ තිබූ පෙට‍්‍රල් කෑන් එකක් අතට ගැනීමට උත්සාහ කර ඇති අතර පොලීසිය එය වලක්වා එය තම භාරයට ගෙන තිබෙනවා.

අදාළ තත්ත්වයත් සමග කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට  ඕල්කට් මාවතේ ගාලූ මුවදොර දෙසට වාහන ගමන් කරන මංතීරුව වසා දැමීමටද පොලීසිය පියවර ගත්තා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කියා සිටියේ තම සංවිධානයේ සාමාජික ස්වාමීන් වහන්සේ නමක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ පිළිබඳ හිරු ප‍්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ සියදිවි නසාගැනීමට උත්සාහ කළ නිසා එම හිමි නම අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලා සිංහල රාවය සංවිධානයේ ස්වාමීන් වහන්සේලා තුන් නමක් මේ වනවිට කොළඹ - කොටුව දුම්රියපළ ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. පූජ්‍ය වේරගොඩ සෝභිත,  පොළොන්නරුවේ සීලවිමල, මැඩිල්ලේ පඤ්ඤාලෝක යන ස්වාමීන් වහන්සේලා ඊට එක්ව සිටින බවයි සිංහල රාවය සංවිධානය ප‍්‍රකාශ කළේ.

Update : Tuesday, 18 February 2014 - 07:25
-------------------------------------------------
සිංහල රාවය උපවාසය නිසා කොටුව  ඕල්කට් මාවතේ කොටසක් වැසේ.

සිංහල රාවය සංවිධානයේ උපවාසය හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට  ඕල්කට් මාවතේ ගාලූ මුවදොර දෙසට වාහන ගමන් කරන මංතීරුව මේ වනවිට වසාදමා තිබෙනවා. ගව ඝාතනයට විරෝධය පළ කරමින් සිංහල රාවය සංවිධානය කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද කි‍්‍රයාත්මක වන්නේ තුන්වන දිනටයි.  එහිදී එම සංවිධානය ගව ඝාතනය වැළැක්වීම සඳහා පනතක් ගෙන එන බවට ලිඛිත පොරොන්දුවක් රජයෙන් ඉල්ලා සිටියා. මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිපියක් රැුගෙන නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ ඇතත් එය පිළිගත නොහැකි බව සිංහල රාවය සංවිධානයේ උපවාසයේ නිරත සාමාජිකයන් ප‍්‍රකාශ කළ බව  එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළා. එම අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ නමක් උපවාසය පැවැත්වෙන ස්ථානයේ තිබූ පෙට‍්‍රල් කෑන් එකක් අතට ගැනීමට උත්සාහ කර ඇති අතර පොලීසිය එය වලක්වා එය තම භාරයට ගෙන තිබෙනවා. 

 Tuesday, 18 February 2014 - 05:00
----------------------------------------------------------
සිංහල රාවය ආණ්ඩුවෙන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි.

මෙරට ගව ඝාතනය වැළැක්වීම සඳහා පනතක් ගෙන එන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දිය යුතු බව සිංහල රාවය සංවිධානය පවසනවා. එහි සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ සඳහා බලධාරීන්ට අද (18) පස්වරුව දක්වා කාලය ලබාදී ඇති බවයි. එසේ නොවුණහොත් තම සංවිධානයේ කි‍්‍රයාමාර්ග දැඩි කරන බව ද උන්වහන්සේ අප කළ විමසීමකදී සදහන් කළා.

ගව ඝාතනයට විරෝධය පළ කරමින් සිංහල රාවය සංවිධානය කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද කි‍්‍රයාත්මක වන්නේ තුන්වන දිනටයි. පසුගිය 9 වැනිදා මහනුවර දළදා මාලිගාව අභියසින් ආරම්භ කළ පාගමන පෙරේදා දිනයේ කොළඹ කොටුව ප‍්‍රදේශයට ළඟා වුණා.

ගව ඝාතනය තහනම් කළ යුතු බවට සිංහල රාවය සංවිධානය සිදුකරන ඉල්ලීම සම්බන්ධයෙන් අප පුරාවිද්‍යා චක‍්‍රවර්තී, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගෙන් විමසීමක් කළා. උන්වහන්සේ කියා සිටියේ මෙම සංවිධානයේ ඉල්ලීම ප‍්‍රායෝගික එකක් නොවන බවයි.  

Update : Tuesday, 18 February 2014 - 12:37
---------------------------------------
සිය දිවි නසා ගන්නා බවට සිංහල රාවයෙන් ලිපියක්.  

ගව ඝාතනයට විරෝධය පළ කරමින් සිංහල රාවය සංවිධානය කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට ආරම්භ කළ උපවාසය තවදුරටත් කි‍්‍රයාත්මකයි. පසුගිය 9 වැනිදා මහනුවර දළදා මාලිගාව අභියසින් ආරම්භ කළ පාගමන පෙරේදා (16) දිනයේ කොළඹ කොටුව ප‍්‍රදේශයට ළඟා වුණා. පසුව පෙරේදා සිට සිංහල රාවයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් දුම්රියපොළ ඉදිරිපිට උපවාසයක නිරත වනවා. ඊයේ පස්වරුවේ උන්වහන්සේලා දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයට පැමිණ විරෝධතාවයක ද නිරත වුණා. ඒ, බලධාරීන් තම කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීමට විරෝධය පළ කරමින්. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත  භාර දෙන ලෙස එම ස්ථානයේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වෙත ලිපියක් ලබා දුන්නා. ඒ, තමන්ගේ ඉල්ලීම් අද (18) දිනය තුළ ඉටු නොවුණහොත් තවත් භික්ෂුවක් සිය දිවි නසා ගැනීමට සූදානම් බව දන්වමින්.


http://www.hirunews.lk/sinhala/77568

    ESPN

    Subscribe to Get Latest Tutorial via email

    Social Icons

    Floating Vertical Bar With Share Buttons widget by ThatsBlogging

    Advertisement

     

    Sample text

    Sample Text

     
    Blogger Templates